පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, අදාළ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 06ක් අද (09) විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේදීය.
සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා අපේක්ෂා කරන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.
ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් අධිකරණයට දැනුම් දුන්හ.
ඒ හේතුවෙන් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.