බගවන්තලාව කොටියාගල වතුයායේදි මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ එම වතුයායේ ඉහල කොටස ප්රදේශයේදි මෙසේ මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇති බවට 10වන දින පෙරවරු 8.45ට පමන එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දැක ඒ පිලිබදව වතු අධිකාරිවරයා දැනුවත් කිරිමෙන් පසුව ඔහු විසින් පොලිසිය දැනුවත් කල බවත්ය.
එම දැනුවත් කිරිම් මත මේ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලය දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම සිද්ධිය පිලිබදව බගවන්තලාව පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා