ගලහ නවනැලිය ප්රදේශයේදී විදුලිසැර වැදී ඊයේ දහවල් කාන්තාවක් හා දියණියක් දෙල්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත ගලහ පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරියන් අවුරුදු 46 හා 13 වයස්වල පසු වූ කිරිබෝගහහින්න, නවනැලිය ප්රදේශයේ පදිංචිකාරියන් වේ.
දිට්වා සුළි කුණාටුවෙන් මරණකාරියන්ගේ නිවස ආසන්නයේ විදුලි කණුවක් කැඩී ගොස් තිබී ඇති අතර මෙම මව සහ දියණිය කරපිංචා ගහක කරපිංචා කැඩීමට ගිය අවස්ථාවේ කැඩී ගිය එක් විදුලි රැහැනක් කරපිංචා ගස මතට වැටී තිබියදී මෙම මවට හා දියණියට විදුලි සැර වැදී මරණය සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගලහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.