දිත්වා නිසා හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රු.මි. 3200ක් ගොවීන්ට ගෙව්වා
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගවයින් / එළුවන් එන්නත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි. මෙම වන්දි මුදල් ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා ලබා දුන් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම වන්දි ගෙවීම්වලට අමතරව, ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බවත් ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000 ක මුදලක් ලබාදී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආපදා හේතුවෙන් විනාශ වූ ගොවිපොළවල් ප්‍රතිසංස්කරණය කර ගැනීමට ද අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
