මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් දාහතර දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් දාහතර දෙනා සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංග්රමික යතුරු පැදි ඒකකය කියයි.
පොලිස් අණ නොතකා ධාවනයවූ ලොරි රථය කිලෝමීටර් දහයක් පමණ පසු පස ලුහුබැද ගොස් වෙඩි කිහිපයක් තියා නතර කර ගත් බව එම ඒකකය කියයි.
ලොරි රථය අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෙල කපා ඝාතනය කරන ලද එළ ගවයකුද එහි සිටි බවද පොලීසිය කියයි. අත් අඩංගුවට ගැනුනු ගවයින් අතර එළ ගවයින් දහයක් සහ මී ගවයින් හතරක් සිටි බවත් ඒ අතර එළ හා මී ගව පැටව් හතරක් ද සිටි බව එම ඒකකය කියයි.
