ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ලංකාව අද මුහුණ දෙයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. රාත්‍රී 7ට ආරම්භ විමට නියමිත මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස සිටියේ පැවැත්වෙයි.
මෙම තරගය තරගාවලියේ ඉදිරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට වඩාත් වැදගත්ම තරගයක් වෙයි. දිගින් දිගටම අයි.සි.සී. තරගාවලියන්වල අසාර්ථක කණ්ඩායමක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව සිටියි. 2014 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වු ශ්‍රී ලංකාවට එතැන් පටන් මේ දක්වා අවම වශයෙන් පිළිමළුන් පිටුදැකීමේ වටයකට හෝ පැමිණීමට නොහැකි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට මුහුණ දුන් තරග තුනම පරාජයට පත්ව ඇති අතර අයර්ලන්තය අවසන්වරට මුහුණ දුන් තරග තුනෙන් එක් තරගයක් පමණක් පරාජයට පත්ව තිබේ.
මේ අතර ඊයේ ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති තරග තුනක ප්‍රථිඵල පහත පරිදි වෙයි.
01 නෙදර්ලන්තය 147/ පරදා පාකිස්තානය 148/8 ජය ගත්තේය
02 බටහිර ඉන්දීය කොදෙව් 182/5 ලකුණු 35කින් ස්කොට්ලන්තය 147 පරාජය කළේය
03 ඉන්දියාව 161/9 ලකුණු 29කින් ඇමෙරිකාව 132/8 පරාජය කළේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

