ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 02/08 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
ක්‍රීඩකයින් සහ නිලධාරීවරුන් 30 දෙනෙකුගෙන් සමන්විත ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම 02/08 දින පස්වරු 04.33 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ'
ඔවුන්ගේ පළමු තරගය එළඹෙන 02/10 දින පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී . ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී රාත්‍රී 07.00 ආරම්භ කිරීමට නියමිතය.
මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටිය , රාත්‍රී තරග පැවැත්වීම සදහා නවීනතම ආලෝක පද්ධතියක් සකස් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු රාත්‍රී තරගය වීම ද විශේෂත්වයකි .

