saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4219 hours ago

LATEST

බදු අඩු කිරීමට ගෝඨාට ලැබුණේ වැරදි උපදේශනයක්

calendar_today 2023 පෙබ 07 - 12:30 remove_red_eye - 629  

බදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

තුර්කියට බලපෑ ප්‍රභල භූ කම්පනය ඇතිවූ ප්‍ර දේශය තුළ වාසය කළ ශ්‍රී ලාංකිකයන් අතරින් එක් ශ්‍රී ලාංකිකයෙකුගේ පමණක් තෙරතුරු මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකි ව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව පිහිටුවා ඇති මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමිය යුතු බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන එච්.ඊ. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් කමිටුව යෝජනා කර තිබේ.

Read More

දිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කල බව පොලිසිය පැවසීය.

Read More

මහා භාණ්ඩාගාරයේ මුදල් යොදවා කන්න හතරකදි රජය, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මිලදී ගත් වී තොග සහල් බවට පත්කිරීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ තිබු සහල්වලින් හාල් කිලෝ ලක්ෂ හතළිස්එකක් අතුරුදහන් වී ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකය්න්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේය

Read More

වංචා, දූෂණ හෙළිදරව් කිරීමේදී ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට අදාළ හෙළිදරව්ව සිදු කළ පණිවුඩකරුවා විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු කාරණයක් බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

මැතිවරණය කල් යනවද නැද්ද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට තීන්දුව දෙන්නේ මැතිවරණ කොමිෂම සහ රජය තමයි ඒගොල්ලන්ගෙ සාකච්ඡා තුළ දැන් ලබන 09, 10 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා.

Read More

මහියංගණ වෙහෙර වැදපුදා ගැනිමට පැමිණි හතරවන උදය රජතුමාට සොරබොර හෝපිටිගම ගම්වැසියන් විසින් අසාධාරන බදු වැඩිකිරිම් පිළිබදව පැමිණිලි කළ අතර වහාම වැඩි කල බදු ඉවත්කර පෙර තිබූ බදුම ලබාගන්නා ලෙස නියම කර බදු ව්‍යවස්ථාව ගල්කණුවක කොටා සොරබොර ටැම්ලිපිය පිහිටවූ බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පෙන්වා දෙති.

Read More

කෘෂිකර්ම අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ නිලධාරින් කාබනික පොහොර බෙදාහැරීමේ දී රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් නැමැත්තෙක් විසින් පුද්ගලික යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ හා ඇතැම් මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අපහාසාත්මක හා පදනම් විරහිත චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

වර්ෂාව නිසා ඇතැම් දිස්ත්‍රික්කවල වී වගාවට හානි සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන වාර්තා අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් අදාල ගොවීන්ගේ වගා හානි සම්බන්ධව වාර්තා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.02.08 වැනිදා විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (06) පැවැත්වූ අතර කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Read More

කඹුරුගමුව බොරොල්ල පාර දුම්රිය හරස් මාර්ගයේ දී අද (06දා) සවස මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කුරුණෑගල ප්‍රදේශයට ආගන්තුක සත්ත්ව විශේෂයක් වශයෙන් සැලකෙන කිඹුලන් පොතුහැර පාත්‍රාගලවත්ත ගම්මානයේ වැවකට පැමිණ සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි භීතියකට පත්ව සිටිති.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හඳුන්ගොඩ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරිණ.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට මේ මස 8 වනදා එය කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

උඩරට වතුකරයේ ජනතාව සඳහා ඉන්දීය රජයේ ආධාර මත නව වතු නිවාස 10000 ක් කඩිනමින් වතුකරය තුළ ආරම්භ කිරීමට සැළැසුම් කොට ඇති බවත්, එම නිවාස දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති භේදයකින් තොරව වතු කම්කරුවන්ට නිසි පරිදි ලබාදීමට පියවර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

Read More

ලිට්‍රෝ ‍ සමාගම ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ්ස් සමාගමද සිය ගෑස් මිල ඉහළ දැමිමට කටයුතු කර තිබේ

Read More

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය අද (06දා) අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ආර්ථිකය කළමණාකරනය කරගෙන යන මොහොතකදී මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන්කිරීම ලේසි පහසු දෙයක් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන කමිල් හුසේන් මහතා කෙන්නියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් දසුන් හා රාසා තරගයේ ක්‍රීඩා කරන අවස්ථා කිහිපයක් තම ට්විටර් ගිණුමට ඒක්කරමින් පවසා තිබුණේ මල්ලි - අයියා යනුවෙනි.

Read More

පවුල් ආරවුලක් මුල් කර ගෙන වයස අවුරුදු 6 සහ 9 ක් වයසැති දුව හා පුතා ඝාතනය කර පියාද සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් අරණායකින් වාර්තා වෙයි.

Read More

නවම් පෝහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට පැමිනි බැතිමතුන් වෙත ගෝවා දන්සලක් දීමට නොරෝච්චෝල ගොවියකු කටයුතු කර තිබුණි.

Read More

ගෑස් මිල වැඩිවන බව දැන සිටි හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් දින දෙකක් තිස්සේ වෙලදසැල් වසා දමා ඊයේ (05දා) දින මධ්‍යම රාත්‍රියේ සිට එම සමාගම විසින් ගැස් මිල වැඩි කිරිමත් සමග අද (06) දින උදෑසන එම වෙලදසැල් විවෘත කර ගෘහස්ථ ගැස් සිලින්ඩර් නව මිලට අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

පේරාදෙණිය සරසවි උයන තෙල් ගබඩාවේ සිට මහියංගන ලංගම ඩිපෝව සඳහා ඩීසල් ලීටර 6600 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් උඩදුම්බර පොලිස් වසමේ කෝවිල්මඩ ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.