නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලි සැර වැදුන පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කළ බව නමුකුළ පොලිසිය පැවසීය .
ඊයේ 23 වනදා දවහල් ආරම්භකළ රදම් පෙරහැර අද (24)අළුයම වනතෙක් පැවති අතර පෙරහැර අවසන් කර රදම් කරත්තය කෝවිලට රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සදහන්කළේය .
රදම්ක රත්තේ ඉහලට සවිකර ඇති කොටස මෙසේ අධිබලැති විදුලි රැහැනේ පැටලී මෙන් මේ ඛේදවචාකය සිදුව තිබේ .
මියගොස් ඇත්තේ එම වත්තේම පදිංචි 27 සහ 37 යන වයස් වල පසුවන්නන් දෙදෙනෙකි .
පාලිත ආරියවංශ