අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුලදී ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටී ඒඒඩී ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි වාසනා කුමාරී සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්දයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ