1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය සඳහා වන යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් කර ඇත.
ඒ අනුව, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන;; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වේ.
මේ අනුව මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.