කිලිනොච්චිය, පලෙයි, පුදුක්කාඩු ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් අද (23) සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.
නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ ඉඩම්හිමියා විසින් ගෙවත්තේ ළිඳ පිරිසිදු කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී ළිඳ තුල තිබී අයුධ හමුවීමත් සමග මේ පිළිබඳ ආසන්නයේ පිහිටි යුදහමුදා කඳවුරකට මේ පිළිබඳව දැනුම් දෙනු ලැබීය.
පසුව මේ පිළිබඳව යුදහමුදාව විසින් පලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශයටද දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
එහිදී ළිඳතුල තිබී ආර්.පි.ජි උණ්ඩ 60 ක්, මිලිමීටර 40 වර්ගයේ මෝටාර් උණ්ඩ 24 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක් ඇතුලු යුද උපකරණ තොගයක් සොයගනු ලැබීය.
සොයාගත් ආයුධ තොගය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද පලෙයි පොලීසිය වැඩිදරටත් පැවසීය.

