කටුනායක ගුවන් තොටුපොළ තුළ පවතින අධික ගුවන් මගී තදබදය සදහා විසදුමක් ලෙස මාස 06 ක කාළයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය ඩිජිටල්කරණය තුළින් තිරසර සංවර්ධනය කරා රැගෙන යාමට මෙම ක්ෂේත්රය පිළිබඳ පර්යේෂණ ක්‍රියාවලිය දායක කර ගන්නා ආකාරය පිළිබඳ 08/23 දින කටුනායක ගුවන් තොටුපොළ තුළ පැවති සම්මන්ත්‍රණයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයට පිවිසෙන නව වෘත්තිකයන්ගේ ප්‍රායෝගික පුහුණුව සහ දැනුම වර්ධනය කිරීම සදහා නව ක්‍රමවේද භාවිතා කළ යුතු බව ද පැවසීය.
ගුවන් සේවා කර්මාන්තය නංවාලීම සදහා පර්යේෂණ ක්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල් මේ වනවිටත් භාවිතා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය නංවාලීම සදහා විශ්ව විද්‍යාල , විද්වතුන් , ක්ෂේත්රයේ ප්‍රවීණයන් එකතු කර නව කතිකාවතක් , වේදිකාවක් ,සම්මේලනයක් ආකාරයට නිර්මාණය කරන අතර මෙම වසරේ දෙසැම්බර් මාසයේදී , ඒවායේ ප්‍රතිඵල මෙවැනි සම්මේලනයක් තුළින් එළිදැක්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.