අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි (26) නැමති එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැතිමනෝහරන් ප්රතික්ෂා නම් සිගිත්තියයි.
සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය සහ තම විවහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තබා (23) දින උදැසන එම කාන්තාව සිගිත්තිය සමග ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිව හානි කරගෙන ඇති බවයි ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා කියා සිටියේ.
සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ඩබ්ලිව්.ආර්.විජේවික්‍රම මහතා විසින් පැවැත් වු අතර, එහිදි මහෙස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට නියෝග කර සිටියේ ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිගිත්තියගේද සිරුර සොයාගෙන එම සිරුරුද පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන ලෙසයි.
සිගිත්තියගේ සිරුර සොයා නුවරඑලිය පොලිස් ජිවිතාරක්ෂක බලකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුම් දියත් කලත් සිරුර හමු නොවු නිසා සිගිත්තියගේ සිරුර සොයාගැනිමට නාවික හමුදා සහය ලබා ගැනිමට කටයුතු කරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ලිදුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරයි.
