මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකට කූඨ ලේඛන මගින් සිසුවියන් 29 දෙනකු ඇතුලත් කර ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරීවරයෙකුද වන සැකකරු ඔහුගේ තනතුරේ ලිපි ලේඛන අවභාවිතා කරමින් එම වංචනික ක්‍රියාවට ආධාර අනුබල දී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භවීමත් සමග ඔහු පොලීසියෙන් වසන් වී සිටීමට කටයුතු කොට තිබුණි .
ඒ හේතුවෙන් පොලිසිය විසින් ඔහුට රටින් පිටවීමට තහනම් කිරීමේ අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණි .
මෙම විදුහලට කූඨ ලේඛන උපයෝගී කරගනිමින් සිසුවියන් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් දිගින් දිගටම කරුණු අනාවරණය කිරීමත් සමග එය වැළැක්වීමේ අරමුණින් පාසලට මඩ ගසන්නේ යැයි පවසමින් එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් පිරිසක් විසින් පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක්ද සිදු කොට තිබුණි . සැකකරු අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .