saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4136 hours ago

LATEST

රාජ්‍ය ආයතක සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ලිහිසි තෙල් අලෙවිසැල හොරු බිඳිති

calendar_today 2023 අගෝ 29 - 15:00 remove_red_eye - 303  

රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරි වරයෙකු රාජාංගනය පහලමාරගහවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික ලිහිසි තෙල් අලෙවි සැලක් බිඳ, එහි ගබඩා කර තිබූ ලක්ෂ 7කට වැඩි ලිහිසි තෙල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නොච්චියාගම පොලිසිය පවසයි.

විදෙස්ගතව සිටින තම බිරිද ගෙන්වා ගැනීම හා ඇයගෙන් මුදල් ලබාගැනීම සඳහා අවුරුදු 03 සහ 05 වයසේ පසුවන සිය දියණියන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කල බව කියන නරුම පියෙකු මාතර වේරදුව ප්‍රදේශයේ නිවසකදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අවුරුදු උත්සවයකදී සිවු දෙනකුගේ පහරකෑමට ලක්ව අනතුරුව පිහි ප්‍රහාරයකට ලක්වූ 15 හැවිරිදි සිසුවා සිව් මසකට පසු කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබු රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් 29 වෙනිදා දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡාවක නිරත

Read More

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් මගියෙකුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක්දහසක් පමණ වටිනා ගමන් මල්ල සොරා ගත් එම ගුවන් යානයෙන්ම පැමිණි ගෘහ සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන 08/28 දින සවස අධිකරණයට ඉදිරිපත් කර තිබේ .

Read More

නිවාඩුවට නිවසට පැමිණ සිටි යුදහමුදා සෙබළෙකු ඉකුත් (28) වෙනිදා රාත්‍රී නිවසේ නිදන කාමරයේ බාල්කයක එල්ලී ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.

Read More

අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට ඊයේ (28දා) රාත්‍රි කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදුකල බව කියන ඇගේ මස්සිනා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් නියෝජයන කරන්නැයි යන පිරිසක් කොළම කොටුව දුම්රිය ස්ථානය අදළ පවත්වන ලද උද්ඝෝෂණයේ නිරතවූවන් අතරින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මහ බැංකු අධිපති දන්වා තිබුණත් ඔවුන් එම සාකච්ඡා සඳහා එක්නොවූ බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.

Read More

කැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28දා) දින පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්‍රදේශවාසින් පැවසිය.

Read More

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන 08/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය .

Read More

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

Read More

අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.

Read More

කන්ද උඩරට ඇසළ පෙරහර ගමන් කරන මාර්ගවල පදික වේදිකාවේ කිසිදු අයුරකින් ආසන පැනවීමක් නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී මහනුවර නගරයේ එක්තරා දේවාලයක් ඉදිරිපිට මීටර 50ක පමණ දුරක් බලහත්කාරයෙන් අල්ලාගෙන ආසන පනවා ඇති අයුරු දැකගත හැකිය.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානකරුවන් නැවත රටට පිවිසිලා ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සඳහන් කරන්නේ දැඩි පරීක්ෂාවක් යොදවා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Read More

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩි දුරක් ගෙවා පැමිණෙන උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට රුපියල් 2,000ක දෛනික දීමනාවක් ලබා දීමට කටයුතු කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් පසුගිය 24දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මාර්ගගත වංචාවලින් ප්‍ර වේශසම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු ඊයේ (27දා) දින කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එම සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට මත්තෙන් දුම්රිය පහළ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක්, පුත්තලම මාර්ගයේ සවි කරනු ලැබූ සීනු පද්ධති හා විදුලි පද්ධති 46න් 34ක් ඇතුළු සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියාවිරහිතව පැවතුණු බව විගණනය මගින් අනාවරණය කරඇත.

Read More

බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය හදිසියේම අද (28) සහ හෙට (29) වසා දැමීමට පියවර ගත් බව එම විදුහල් බලධාරීහු පැවසූහ.

Read More

මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු ඊයේ (27 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

කිසිදු හේතුවක් නොමැතිව අයාලේ යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බියගම පේරගස්හංදියේදී ඊයේ (27දා) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.

Read More

අස්වැසුම සමාජ ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ ලක්ෂ 8ක් වෙනුවෙන් එම ප්‍රතිලාභය ගෙවීමට අවශ්‍ය මුදල් සුබ සාධක ප්‍රතිලාභය මණ්ඩලය විසින් බැංකු වෙත යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

Read More

ලන්දේසීන් විසින් 1765 වසරේදී මහනුවර රජමාලිගය වටලන ලද අවස්ථාවෙහිදී මෙරටින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් මෙරටට රැගෙන ඒම පිළිබඳව අද (28දා) ගිවිසුම් දෙකකට අත්සන් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ෂි යෑන් 06 චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.

Read More

අස්වැසුම ප්‍රතිලාභය සඳහා හඳුනා ගත් පවුල් ලක්ෂ 15ක ප්‍රතිලාභීන් ගෙන්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකු ගත කිරීම අද (28) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම් තුළින් අඟහරුවාදා හෝ බදාදා දින සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.