ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු CID භාරයට ගත් බවය. ‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.