saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 4 hours ago

LATEST

RMV ලොක්කා අත්අඩංගුවට

calendar_today 2026 මාර් 28 - 05:33 remove_red_eye - 2030  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූයේ යැයි කියන අක්‍රමිකතාවයට අදාළව කරන විමර්ශනවල සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

ජනාධිපති ට්‍රම්ප් සඳුදා නිවේදනය කළේ ඉරාන බලශක්ති බලාගාරවලට එරෙහිව සිය ප්‍රහාර අත්හිටුවීම තවත් දින 10කට දීරඝ කරන බවයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා ’’දිගටම’’ පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි.

Read More

ළමා කාලයේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් මෙටා සහ යූ ටියුබ්ට එරෙහිව නඩු පැවරූ තරුණියකට ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් ඉතිහාසගතවන නඩු තීන්දුවක් ලබා දී තිබේ.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඔහුගේ පරිපාලනය ඉරානයේ ’’නිවැරදි පුද්ගලයින් සමඟ කතා කරන’’ බවත්, ’’ඔවුන්ට ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය බවත්’’ ය. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සාකච්ඡාවලට සම්බන්ධ වූ බවත් ඔහු පැවසීය.

Read More

අවසන් වරට ඉන්ධන මිල වැඩි කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ඳසහන් කළේ ලෝක ඳවෙළ පොළේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඒය මිල සූත්‍රයට ගැලපිය නොහැකි බවයි.

Read More

මැද පෙරදිග ගැටුමට ’’සම්පූර්ණ විසඳුමක්’’ පිළිබඳ ’’ඵලදායී සංවාද’’ සිදුවී ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ශ්‍රී ලංකාව ඉල්ලිමක් කරන්නේ නම් තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය ලබාදීමට ඉරානය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

අප්‍රේල් මස 12 සහ 13 වනවිට දැවි තෙල් නැවක් ලංකාවට පැමිණෙන බැවින් විදුලිය කප්පාදු කිරීමේ ගැටලුවක් පැන නොනගින බවත් නමුත් විදුලිය අරපිරිමැස්මෙන් පරිබෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා හයක් 2024/2025 මුල්‍ය වර්ෂයේ දි ක්‍රියාත්මක නොවි පැවති අතර එම කාලසිමාව තුල ඒ සදහා ඇමරිකානු ඩොලර් එක්කෝටි තිස්අටලක්ෂ,දහඅටදහස් තුන්සිය අනුහයක මුදලක් (13,818,396 )ක මුදලක් කල්බදු වාරික ගෙවිම් සදහා වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

ජිබූතිහි නවතා තිබූ ඇමෙරිකා නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් හා ඉරානයට අයත් නෞකා තුනක් එකම දිනයකදී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

යුද්ධය කොපමණ කාලයක් ගතවේදැයි අසන ඊශ්‍රායල ජාතිකයින්ට සෘජු පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එයට ’’අවශ්‍ය තාක් කල් ගතවනු ඇත’’ යනුවෙනි. මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසිය. ’’අපි එක්ව වැඩ කරනවා. අපි එක්ව ජයග්‍රහණය කරනවා’’ යැයි ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඒවක ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය.

Read More

QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

තෙල් මිල වැඩිවිම හරහා සංස්ථාවට ලාභයක් ලැබෙන බවත් එම ලාභය වැඩිවීම ලබන ඉන්ධන ගැලපීමට සලකා බලන බව ජනපතිවරයා පැවැසීය. මීළඟ තෙල් මිල ගැලපිමේදි විශාල වශයෙන් තෙල් මිල ඉහළ ගියහොත් තෙල් සඳහා අයකරන බද්ද අඩු කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය. කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දැනට ටැංකි වල හා ඇණවුම් කර ඇති ඉන්ධන පිළිබඳව සලකා බැලීමේදී සංචිතය ප්‍රමාණවත් වන කාලසීමාවන් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය.

Read More

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලුවට මුහුණදීම සඳහා, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ගල් අගුරු ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) ඇමරිකානු ඩොලර් මිලියන 206.6ක මුදලක් වැයකොට තිබු අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 34.9ක පමණ අඩුවිමක් බව ශ්‍රිලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව එම සමාගම අද (11) රාත්‍රී නිවේදනය කළේය.

Read More

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල රු. 300කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර තිබේ.

Read More

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ ශුද්ධලාභය ඉකුත් වර්ෂයේ (2025) පළමු මාස අට තුලදි රුපියල් බිලියන 22.1 දක්වා සියයට 19කින් අඩුවි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති අයවැය ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 303 ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 353 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 317 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 365 භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 195 කි.

Read More

ලබන අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබේ.

Read More

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ඉරාන උත්තරීතර සභාව විසින් තම රටේ නව අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවට වාර්තා වන පුවත් නොමග යවන සුළු හා සාවද්‍ය පුවත් බව බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.