ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
තවත් දින 10කින් පමණ ලංකාව පුරා පැතිරුණ වැස්සක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවැසිය. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"වැස්ස වැඩිවුණේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය නිසයි. දැන් එය දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. ලැබුණ වැස්ස තාවකාලිකයි.කොහොම වුණත් නිරිත දිග කොටසට වහින වැස්ස තවදුරටත් සතියක් දෙකක් අඩුවැඩි වෙවි පවතිවි.
මේ වන විට එල් නිනෝ තත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණා. එල් නිනෝව මේ වන විට ප්‍රභල මට්ටමට වැඩි වෙලා තිබෙනවා. ඔක්තෝබර්, නොවැම්බර් දෙසැම්බර් මාසවලදී මෙම එල් නිනෝව අති ප්‍රභල එල නිනෝවක් බවට පත්වේවි යැයි පුරෝකතනය කර තිබෙනවා.
ලබන වසරේ මාර්තු, අප්‍රේල් උෂ්ණත්වය මෙතෙක් පැවැති සියලු උෂ්ණත්වයන් අභිභවා යන්නත් පුළුවන්. එල් නිනෝව පෙබරවාරි අවසන් වන තෙක් පවතින බවට සම්භාවිතාව 100%ක් වෙනවා.පෙබරවාරි තමයි අනිත් පැත්තට හැරෙන්නේ. දැන් අපේ නියගය ක්‍රමයෙන් අඩුවෙනවා. දැන් අපි තද වැසි වලට සූදානම් වෙන්න ඕන. ගංවතුර, නායයෑම් කියන දේවල්වලට. වෙන්න තියෙන දරුණුම පැත්තේ ඉදන් අපි සූදානම් විය යුතුයි.
අපි බලාපොරොත්තු වෙනවා තව දවස් කිහිපයක් වැස්ස අඩුවේවි. නමුත් තවත් දින 10කින් පමණ ලංකාවේ බොහෝ ප්‍ර දේශවලට වැසි ඇතිවේවි. ක්‍රම ක්‍රමයෙන් ලංකාව පුරා පැතිරිච්ච වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා.ඔක්තෝබර් නොවැම්බර් මාස වලදි ලැබෙන්න ඕන වැස්සට වඩා වැඩි වැස්සක් ලැබේවි.
ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ බෙංගාල බොක්කේ කැළඹිමක් ඇතිවන කාලයක්. මේකට එල් නිනෝවත් සම්බන්ධ වුණොත් බලපෑම් තීවුර වෙනවා. ඉදිරි මාස දෙකේදී ගංවතුර නාය යෑම්වලට සූදානම් වෙන්න ඕන. දෙසැම්බර් මාසයෙදි් වැස්සත් ඇතිවේවි. උතුරු නැගෙනහිරට වැස්ස වැඩිවේවි. "

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
