බද්දෙගම හික්කඩුව මාර්ගයේ බද්දෙගම වවුලගල ප්‍රදේශයේ අද (27) සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රිරොද රථයකින් යමින් සිටි රියදුරා, කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි වැදී ත්‍රීරෝද රථ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාවක් මරුමුවට පත්වී ඇති බව බද්දෙගම පොලීසිය කියයි.
වෙඩි වැදුණු අනෙක් කාන්තාවගේ තත්ත්වය බරපතල බවත් ඇය මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය කියයි.
මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් බද්දෙගම සිට හික්කඩුව දෙසට යමින් සිටි ත්‍රීරෝද රථකයට කරනු ලබන වෙඩි තැබීමකින් වෙඩි වැදුණු එම තීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවක් එතනම මරුමුවට පත්වු බවත් අනෙක් කාන්තාවටද බරපතල තුවාල සිදුව ඇති බවත් පොලීසිය කියයි. බද්දෙගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
