22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් ඒ් අනුව එය සම්මත කිරිම සඳ හා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට එම මතය ඉදිරිපත් කරන ලදී.