පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධියට අදාළව (පාස්කු මහ නඩුව) විත්තිකරුවන් 24 දෙනෙකුගෙන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම්කරමින් කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියෝගයක් නිකුත් කළේය. විත්තිකරුවන් 9 දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරිණ.
කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ අතර වරදකරුවන් වූ 15දෙනා සම්බන්ධයෙන් දඬුවම ප්රකාශයට පත්කිරීමට නියමිතව ඇත.