අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
මෙරට අධිවේගි මාර්ග පද්ධතිය තුල පසුගිය වසර 04කුත් මාස 09ක කාලය (2019 නොවැම්බර් මස සිට 2024 ජුලි දක්වා) තුල දි ගමන්කළ වාහන එක්කෝටි, අසුදෙලක්ෂ, අනුඑක්දහස්හාරසිය තිහයක් (18,291,430) සදහා පිටවිමේ ටිකට්පත් නිකුත් නොකිරිම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට දළ වශයෙන් රුපියල් මිලියන 4,614.47ක ආදායමක් අහිමවි ඇති බැව් අනාවරණය වි ඇත.
දෛනික ආදායම අහිමිවිම රුපියල් මිලියන 01කට ආසන්න බව හෙලිවි ඇති අතර මෙම කාලසිමාව තුල වාහන දහතුන්කෝටි, තිස්අටලක්ෂ, හතලිස්දහස්දෙසිය දහතුනක් (133,840,213) සදහා ප්‍ර වේශ ටිකට්පත් නිකුත්කර තිබුණි.
අධිවේගි මාර්ග ආදායම් විවිධ උපක්රමභාවිතාකර සාවද්‍ය පරිහරණයට සහ වංචාවන්ට ලක්කර තිබු බවද අනාවරණය වි ඇත.එහෙත් මේ සදහා වගකිවයුතු මුදල් අයකැමියන් හදුනාගෙන විනයානුකුලව කටයුතු කිරිමට හා එම අඩුපාඩු වලක්වා ගනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධිවේගි මාර්ග කළමණාකරණය කටයුතුකර නොතිබුණි.
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යංශයට අදාළව 2025 වර්ෂය සදහා නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

