මාර්ග අනතුරු අවම කිරීමේ අපේක්ෂාවෙන් රියදුරන් කරන වරදි සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසිය.
අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදි ඔහු සඳහන් කළේ මාස හයක නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව ලබන වසරේ මාර්තු 31න් පසුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදි රියදුරෙකුට ලබාදෙන ලකුණු ප්‍රමාණයෙන් කරන වැරදි අනුව ලකුණු අඩු කරන බවත් නිශ්චිත කාලයකදී ලකුණු බිංදුවට පැමිණෙන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ඉන් අනතුරුව කාලසිමාවකට අත්හිටුවන බවද අමාත්‍යවරයා පැවැසිය.
මෙම ක්‍රමයේදී රියදුරාගේ ජංගම දුරකතනයට සිදුකළ වැරැද්ද හා එයට අඩුවූ ලකුණු ප්‍රමාණය කෙටි පණිවිඩයක් මගින් ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.
