ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද එහි බර ජනතාව පිට නොපැටවීම සඳහා, රුපියල් කෝටි 4,100ක මුදලක් ඉදිරි මාස තුනක කාලය වෙනුවෙන් ඉන්ධන සහනාධාර වශයෙන් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඊයේ (27) ප්රකාශ කළේය. ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට අද (28) ඉදිරිපත් කිරීමට නියමත බවද ජනාධිපතිවරයා පැවසුවේය.
අපේ ආණ්ඩුව වසර දෙකයි- රටට සුබයි තේමාවෙන් රට පුරා පවත්වන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්රික් ජනරැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.
