හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රධානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටියදී උන්වහන්සේට මෙම ජනපති පොදු සමාව ලබාදී තිබුණි. ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණ අතර පසුව උන්වහන්සේ ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරිණි.