ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවන අතර, එය රුපියල් 475ක් වෙයි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 528කි.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392කි.
භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර එහි ලිටරයක මිල රුපියල් 285කි.