ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.
" සහනය මාස තුන සඳහා ලබා දෙනවා. භාණ්ඩාගාරය වෙන් කරලා තියන විදිහට පෙට්රල්වලට ලබා දෙන්නේ නෑ ඩීසල්වලට විතරයි ලබා දෙන්නේ. තෙල් මිල වැඩිවුණාම ඒ මත පදනම් වෙලා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමහරවිට තෙල් මිලේ අඩුවීමක් අපි මාසේ අන්තිමට හරි මාසය මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන හිතලා භාණ්ඩාගාරයේ තිබෙන කොටසක් තමයි වෙන් කරන්නේ. තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවත් විවිධ සමාගමුත් තෙල් ගෙනත් තියෙනවා තෙල් පෝලීම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණේ නැත්නම් සහනයක් දෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක පහුගිය කාලේදි ඒ අනුව ගණනය කළාම තෙල් මිල වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන සහනයක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. එතැනින් එහාට කොහොමද මේක කරන්නේ කියලා තෙල් සංස්ථාව ගණනය කරලා ඒක කියයි. මේ මාස 6 සඳහා තෙල්වලට විතරක් බිලියන 100කට වැඩි මුදලක් භාණ්ඩාගාරය ලබා දීලා තියෙනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
