saravita-anim2

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 253 hours ago

LATEST

වී සඳහා ස්ථාවර මිළක්

calendar_today 2025 නොවැ 25 - 17:16 remove_red_eye - 84  

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර

ජාතික ජන බලවේගයට බලය හිමිවූ සූරිය වැව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්ද දෙකකින් සම්මත වෙයි. පොහොට්ටුව හා සමගි ජන බලවේගය විරුද්ධ වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකෙයි.

Read More

තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.45 දක්වා වලංගු වෙයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 2 ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.වාන් දොරටු දෙකෙන් මෙන්ම පිට වානෙන්ද කළාවැවේ ජලය කළාඔයට පිට වෙන අතර, ඒ හේතුවෙන්හේ‍ෙතුවෙන් තප්පරයට ඝන අඩි 2640 ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ රාජාංගන ජලාශයට නිකුත් කෙරේ.

Read More

මෙවර සිරිපා වන්දනා සමයේදී අති සංවේදී සිරිපා හරිත අඩවියේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩ සටහන් රැසක් දියත් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

Read More

බදුල්ල සිට පානදුර බලා ගමන් ගත් බස් රථයක නැගී ගමන් ගනිමින් සිටි තරුණියක සතුව තිබූ මුදල් පසුම්බියක් සොරකම් කිරීමට තැත්කළ යුධ හමුදා සෙබලෙකු ඊයේ (24) සවස එම බස් රියේම ගමන්ගත් මගීන් පිරිසක් එක්ව අල්ලා පොලීසියට බාරදීමට කටයුතු කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

Read More

පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පළාතේ සියලුම පෙර පාසල් අද විසිපහදින සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

Read More

හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ මාර්ගයේ ඉහළීන් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (25) උදෑසන වන විට යථා තත්වයට පත්කර වාහන ගමනාගමනය සදහා විවෘත කිරීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පැවසීය.

Read More

හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ වගාබිම් රැසකට පසුගිය 24 වනදා රාත්‍රී වන අලින් පැමිණ විශාල වග විනශයක් සිදුකර තිබෙන බවට එම ප්‍රදේශයන්හි ගොවින් පවසා සිටිනවා.

Read More

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.

Read More

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු වලට ඉදිරිපත් කල විසඳුම් සඳහා නිෂ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පැය 48 කින් ලෙස ඊයේ (24) දා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටීය.

Read More

තමා අප්‍රේල් මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වන බවත් ලබන වසර අගදී චීන ජනාධිපති ෂී ජින් පිං ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා එක්වන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

Read More

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද(25දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වෙයි.

Read More

වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් වාලච්චේන පොලිස් වසමේ තිහිලිවට්ට හන්දිය, පල්ලච්චේන, කොන්ඩුකච්චේන හා සරාවලී යන ප්‍ර දේශවල සවිකර තිබූ පුරාවිද්‍යා සලකුණු සහිත නාම පුවරු වාලච්චේන ප්‍රා දේශීය සභාව විසින් ගලවා ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණි.

Read More

ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නමයක කාලය තුලදි මහජන පැමිණිලි 5935ක් ලැබි තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වනවිට ඉන් පැමිණිලි 4902ක් හෙවත් සියයට 82ක විමර්ශන කටයුතු අවසන්කොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත

Read More

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපෙරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

පවතින වර්ෂාව සමඟ ඊයේ 24 රාත්‍රී ගල් පර්වත සහ පස් කඳු කඩා වැටී හල්දුම්මුල්ලෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් එක් මන්තීරුවක් ගමනාගමනය සඳහා විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

පවතින වර්ෂාව සමඟ අද 24 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල නගරයට නුදුරු කදිරියේෂන් ඇල්ල ආසන්නයේදී විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජී පියංගිකා මහත්මිය පැවසුවාය.

Read More

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි.

Read More

2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

’’නුගේගොඩ නොවැම්බර් 21 වෙනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කිරිමට අපට හැකි වුනා ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින් නුගේගොඩ මහා හිස් ගොඩක් බවට ඒදා පත් වුනා. මහ වැසි මැද ආණ්ඩුවේ අනේක විධ බාධක අපහාස මැද දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න නොවැම්බර් 21 දා නුගේගොඩට පැමිණි මහා ජන ගංගාවට මහජන හඬ වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා.’’ යැ

Read More

විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම අද ( 24 ) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීම, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමටත් මෙම සේවාව ආරම්භ විය.

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) උදෑසන වැඩි ඡන්ද හතරකින් (04) පරාජයට පත් විය.

Read More

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් වසා දැමු මහනුවර කොළඹ මාර්ගයේ ගණේතැන්න හා කඩුගන්නාව මාර්ගය අද දිනයේත් වසා දමා ඇත.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

බෝපෙ පොද්දල ප්‍රා දේශිය සභාව විසින් මාර්ග ආලෝකන කටයුතු සදහා බල්බ මිලදි ගැනිමේ දි රුපියල් 250ක මිලකට මිලදි ගැනිමට තිබු බල්බයක් රුපියල් 1195ක මිලකට මිලදි ගැනිම නිසා සභා අරමුදලට රුපියල් හාරලක්ෂ, හතලිස්පන් දහසක (445,000) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

දහමින් සැනසෙන මිනිසුන් එදා සිටියත් අද සිටින්නේ කුඩුවලින් වැනසෙන මිනිසුන් බව අස්ගිරි පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් කීහ.

Read More

රුපියල් කෝටි විසි පහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී 11/23 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.