Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා
රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, අපදා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍ර ලේඛය අවලංගු කර ඇති බවයි.
‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්විය.
කෙසේ වෙතත් අමත්‍යාවරයා සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිසකගේ විරෝධය සාර්ථක වූ බවයි. ජනපති ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව මෙම චක්‍ර ලේඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබූ බවත් හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.
Regressive circular on #SriLanka female dress code issued by Min Sec Ratnasiri, according to him by order of Pres. Secretariat, has been suspended. Glad our objection prevailed. Asked Min R Madduma B to come up w more progressive one if at all. Here is SC’s reg for women lawyers. pic.twitter.com/2hj40EtS7v
— Harsha de Silva (@HarshadeSilvaMP) June 2, 2019
නිකුත් කර තිබූ චක්‍ර ලේඛය
popular news
Deepal Nirosh Sunday, 02 June 2019 02:14 PM
හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්නා එහෙනම්...
Reply : 4 16
බණ්ඩාර Sunday, 02 June 2019 06:24 PM
රජයේ සේවක පිරිමින් කොට කලිසන් ඇඳල වැඩට ආවනම් මේ ආණ්ඩුවේ ලොක්කෝ කැමති වෙයි.
Reply : 72 38
Champa Sunday, 02 June 2019 07:24 PM
සාරිය සහ ඔසරිය අඳින්න කියපු එකේ ඇති වැරැද්ද මොකක්ද? රජයේ කාර්යාල වල වැඩ කරන බර්ගර් කාන්තාවෝත් සාරිය ඇඳල එනවා. අනික සිංහල දෙමල මුස්ලිම් කාන්තාවන් තුන් ගොල්ලටම පොදු ඇඳුම සාරිය. දැන් කියන්න බලන්න මුස්ලිම් කාන්තාවෝ ඔලුව වහන scarf එක අඳින්න ඕනේ ගවුමටද business suit එකටද කියල? SC එක නීතිඥවරියන්ට දීපු ඇඳුම උඩට ඔවුන් ඒ ඇඳුම වැහෙන්න නීතිඥ ලෝගුව අඳින බව හර්ෂට මතක වෙලා. අනිත් එක මේ රටේ රජයේ කාර්යාලවල ඇඳුම ගැන කතා කරන්න එන්නේ වහල් ආණ්ඩුව ආපු දවස්වල බටහිර රටකවත් නැති විදිහට ලංකාවේ හැමතැනම condom kiosk දාන්න කියපු කළු සුද්දෙක්.
Reply : 6 10
ranjith Sunday, 02 June 2019 09:27 PM
හොද වෙඩක් කරලා තිබුනේ ඒ උනාට මේ වගේ මෙට්ටෝ විරුද්දවෙලා එක අහෝසි කරලා පුහු වීරයෝ වෙන්න හදන්නේ
Reply : 8 10
ලංකෝනිස් Monday, 03 June 2019 02:01 PM
අපි මෙලොවට එනවිට ඇඳුමක් තබා ඇඟට නූල් පටක්වත් නැතිව ආවේ.(එහෙම වුනාට ඇඳුම් නැතිව ඉන්න ඕනෑ නැහැ. කැමති එකක් ඇඳපුදෙන්)ඒත් අපි මෙලොවට එනවිට කටක් ගෙනාවානේද .එනිසා ඔය කියන රජයේ සේවක ඇඳුම හදන්න ඉස්සරවෙලා.ඉතාම සංවේදී නිළධාරීන් හා නිළධාරිණියන් සිටියයුතුම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පිළිගැනීමේ ස්ථානයේ සිටින අහංකාර උද්ධච්ච තරුණියන්ගේ කටවල් හදල ඉන්න
Reply : 0 9
Marlon Monday, 03 June 2019 04:47 PM
හර්ෂ මැතිතුමා, ගෑනුන්ගේ සාරි ගලවන්න කලින් මෙ රටේ තියෙන අනික් ප්‍රශ්න විසඳලා ඉන්න. බොරුවට ෂෝ දානවා ඇරෙන්ඩ ඔයාල මොනවද රටට කරලා තියෙන්නේ?
Reply : 0 6
cyril Monday, 03 June 2019 06:16 PM
ඔය සෙල්ලන් තව ටික කලයි එට පස්සේ මුන් ඔක්කොම ගෙදර තමා
Reply : 0 17
T rex2019 Thursday, 06 June 2019 03:58 AM
Nikam kaalaya saha janatjaawage mudal naasthikalaa witharai ne?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd