සිසේරියන් සැත්කම් ගැන බදුල්ල මහ රෝහලටත් පැමිණිලි
බදුල්ල මහ රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන්ට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු පසුගිය සිකුරාදා (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
බදුල්ල කැන්දගොල්ල පදිංචි තිස්තුන් හැවිරිදි මවක සහ පස්සර කොටමුදුන පදිංචි වයස අවුරුදු තිස්අටක මවක විසින් මෙසේ බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්යක්ෂ එම්.එච්. උපුල් ඉන්දික කරුණාරත්න මහතාට මෙසේ පැමිණිලි ඉදිරිපත් කරනු ලැබ තිබේ.
2012.02.23 - 2015.01.31 අතර කාලයේදී බදුල්ල මහ රෝහලේ සේවයේ යෙදී සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා එම කාලය තුළ තමන් සිසේරියන් සැත්කමට භාජන කළ බවත් එතැන් සිට මේ වනතුරු තමන්ට නැවතත් දරුඵල නොමති බව පවසමින් මෙම මවුවරුන් ඉදිරිපත් කළ පැමිණිලිවල සඳහන් වෙයි.
මෙම තත්ත්වය මත බදුල්ල මහ රෝහලේ මෙවැනි පැමිණිලි භාරගැනීමට වෙනම කාර්යාලයක් විවෘත කළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල - රවිඳු දසුන් / හාලිඇල විජේරත්න රත්නායක

popular news
-
චිත්‍රානන්ද Monday, 03 June 2019 05:03 AM
මන් බැලුවා බදුල්ලේ මොකද තාම පරක්කු කියලා.ජී.එම්.ඕ.ඒ.එකේ තනි පාලනය තියෙන,අමුතු තැනක්නේ.
Reply : 0 0
කල්පනා Monday, 03 June 2019 06:46 AM
මුස්ලිම් වෛද්‍යවරයෙක් වූ පමණටම දොස්කීම වැරදියි.මමත් විවාහවෙලා අවුරුදු 5 ක් තරම් කාලයක් දරුවන් නොමැතිව සිටියා.අපි ඉතා වේදනාවෙන් සිටිනවිට අපිට දැනගන්න ලැබුනා කොළඹ වෝඩ් පෙදෙසේ සිටි ෆර්ස්ලි නිෂාර් නැමැති වෛද්‍ය තුමෙක් ගැන අපි එතුමා හමුවුනා.ඉතා කරුණාවෙන් එතුමා අපි දෙදෙනා පරීක්ෂාකර අවශ්‍ය ප්‍රථිකාර කලා.ඉතාම සාර්ථකයි.එනිසා කියන්නන් වාලේ මුස්ලිම් වෛද්‍යවරුනට දොස්කීමනම් සාධාරණ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

