ත්‍රිකුණාමලය වරායේ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිකරන්නේ නෑ - සාගල
ත්‍රිකුණාමලය වරාය ඉඩම තුළ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිනොකරන බවත්, ඒ සඳහා විකල්ප ඉඩමක් ගැන සොයාබලන ලෙස වරාය අධිකාරිය සඳහන් කරන බවත් වරාය හා නාවික කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
ත්‍රිකුණාමල ප්‍ර‘දේශය පිළිබඳ රජය අධ්‍යයන කටයුතු රාශියක් සිදුකර තිබෙන බවත්, එහිදී මෙම ප්‍ර‘දේශ සංචාරක කර්මානතයටත් සැහැල්ලු හා මධ්‍යම කර්මාන්තවලටත් ඒ ප්‍ර‘දේශ හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ඒ ප්‍ර‘දේශය ආශ්‍රිතව ආරම්භ කරන බවත්, එවැනි තත්ත්වයක් තුළ යකඩ කර්මාන්ත ශාලා ව්‍යාපෘතියකට වරායේ ඉඩමක් ඉල්ලා තිබෙන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
අදාළ ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය හරහා පැමිණෙන බවත්, මේ නිසා ආයෝජන මණ්ඩලය හා වරාය අධිකාරී නිලධාරීන් අතර කෙටි සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, එහිදී වරායේ ඉඩම වරාය සංවර්ධනයට අවශ්‍ය බවට නිලධාරීන් පෙන්වාදී තිබෙන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

popular news
-
Champa Sunday, 02 June 2019 09:37 PM
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙමද? ඔතන ඕන කරන්නේ ඔය යකඩ කර්මාන්ත ශාලාවට නෙමෙයි. ඔය බලන්නේ වරායට අයිති ඉතා වටින ඉඩම ගන්න. හැම තැනම එහ්මෙයි. සහ ගහනවා වහල් ආණ්ඩුවට මේ රටට කරපු අපරදෙට.
Reply : 0 0
සිරිබිරිස් Monday, 03 June 2019 06:59 AM
ඇමතිතුමා ලංකාවේ යපස් තිබෙනවා කියල අපි කුඩාකාලයේ පාසැලේදී ඉගෙනගෙන තිබෙනවා.(මම අවුරුදු 33 ක් රජයේ සේවයේ සිට විශ්‍රාම ලබා අවුරුදු 6 ක් පමණ වෙනවා) දැනට අවුරුදු ගණනකට පෙර විදේශීය කාන්තාවක් බලංගොඩට ආසන්න පෙදෙසක අතීතයේ ලංකාවේ වානේ කර්මාන්තය සාර්ථකව සිදුකර ඇතිබවට පරීක්ෂණ මගින් සොයාගෙනත් තිබුනා.ඔබතුමාගෙන් මලික් ඇමතිතුමා ඉඩම් ඉල්ලන වෙලාවේ නිවිතිගල දෑල පැත්තේත් මතක හැටියට දෙනියාය පැත්තේත් යපස් තිබෙන බවත් බලංගොඩට ආසන්නව අතීතයේ වානේ කර්මාන්තය තිබුන බවත් ඒවා දියුණුකරන්න කියන්නත් අමතක වුනාද .ඇමතිකම් ගත්තට අනාගතයේ රටේ දියුනට අදහස් හා සැලසුම් නැහැනේද ලැජ්ජයි ඇමතිතුමා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

