කොළඹ නැගෙනහිර ජැටිය රටවල් දෙකකට විකුණලා - JVP
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අසරණව සිටියදී ආණ්ඩුව කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාවට සිහින පෙන්වා පසුගිය 26 වැනි දින රටේ සම්පත් මේ ආකාරයට විකුණා දමා තිබෙන බවත්, නැගෙනහිර ජැටිය ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබුණත් ඊට අදාළව කොටස් බෙදීයන ආකාරය පිළිබඳව කිසිදු ගිවිසුමක් නොමැති බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (02දාදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ හේතුවෙන් කොළඹ නැගෙනහිර ජැටිය බේරා ගැනීම උදෙසා පුළුල් දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

popular news
-
Kumar Sunday, 02 June 2019 07:31 PM
කරුණාකරලා ගිවිසුමේ රටවල් නම් කරන්නකො.
Reply : 0 0
ලංකාපුත්‍ර Monday, 03 June 2019 06:20 AM
මෙවැනි මර්මස්ථාන සාකච්ඡා මගින් බේරාගත්තත් ගිවිසුම් අත්සන් කල අයගේ ප්‍රජාඅයිතිය අහෝසිකල යුතුය
Reply : 0 0
Champa Monday, 03 June 2019 09:15 AM
අපිටද කියන්නේ? ඇයි මහ ලොකුවට ගෙනා ආණ්ඩුවනේ මේක. අවුරුදු 4ක් තිස්සේ රට පාවා දෙන්න සම්මාදම් වෙලා දැන් එනවා කියන්න. යහපාලන කස කාරයන්ට දැන් තරු පෙනිගෙන යනව. චන්ද ලන්වෙනකොට. මැරෙන්න හදනවා. සාප කරගන්නවා. රට බේර ගන්න කියල අලුත් සංවිධාන හදනවා. හිතන්න එපා මිනිස්සු කිසි දවසක සමාව දෙයි කියලා වහල් ආණ්ඩුවක් ගෙනැල්ල රටට කරපු අපරාදේට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

