වෛද්‍ය සාෆිට එරෙහිව දඹුල්ලෙන් පැමිණිල් 65ක්
දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් 65 දෙනකු අද (02දා) ට දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
සෙනසුරාදා හා ඉරිදා දෙදින තුළ පමණක් දඹුල්ල රෝහලට හා දඹුල්ල පොලිසියට අම්මාවරුන් විසින් පැමිණිලි 20ක් ඉදිරිපත් කර තිබිණි .දඹුල්ල රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ දඹුල්ල රෝහලේ එම වෛද්‍යවරයා සේවය කරන කාලය තුළදී සිසේරියන් සැත්කම් කොපමණ ප්‍රමාණයක් සිදුකර ඇත්දැයි යන්න රෝහලේ ලේඛණ පරික්ෂා කරන බවය.
මෙම මව්වරුන් 2013 වසරේ සහ 2015 වසර දක්වා දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මව්වරු බව පොලීසිය කියයි.
මෙම මව්වරුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළ බවයි.
මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිළිබඳව විවිධ සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බවද මෙම මව්වරු පවසති. මවුවරුන් කියා සිටියේ අඹු සැමියන් අතර දරුවන් නොමැතිවීම නිසා ප්‍රශ්න ගැටලු ඇති වූ අවස්ථා රැසක් පැවතුණු බවය.

popular news
-
Kumar Sunday, 02 June 2019 07:44 PM
ඔය පැමිණිලි පිටුපස දේශපාලනයට සම්බන්දයක් ඇති. දරු උපතකට කිහිපදෙනෙක් සහබාගි වෙන නිසා අක්‍රමිකතාවක් සිදුවෙන්න ඇති කියල හිතන්න අමාරුයි. ඔය පැමිණිලි කරන මවුවරුන් තම දරුවට මවු කිරිදීම සම්පුර්ණයෙන් නතරකර මස හයකට පමණ පසු දරු උපත් නැති එක ගැන පැමිණිලි කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

