යාපනයේ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට
යාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ප්රදේශයේ පිහිටි වාසවිලාන් යුද හමුදා කඳවුර ආසන්නයේ කැලෑවක ඊයේ (01දා) සවස සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
වාසවිලාන් යුද හමුදා කඳවුරේ සිටි යුද හමුදා සෙබලුන් තිදෙනෙකු කිසියම් කටයුත්තක් සඳහා ප්රදේශයේ පිහිටි කැලෑවක් වෙතට ගොස් ඇති අතර එහිදී බෝම්බයක් වැනි යමක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇත.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අටවන ලද මර උගුලක් හෝ පීඩන බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ සෙබලුන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවත් පරික්ෂණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Sunday, 02 June 2019 10:10 PM
පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත් තවමත් බිම් බෝම්බ තියෙන තැන අඳුන ගන්න පුළුවන් විදිහට වෙන් කරලා නැත්තේ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

