අකුරැස්ස පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම 2.50ට පමණ ඌරුමුත්ත උඩකන්ද ප්ර දේශයේ සිදුකළ මෙහෙයුමකදී පොලිස් වෙඩි පහරින් එම සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 22 දා සවස 5.00ට පමණ ඌරුමුත්ත ප්රදේශයේදි නීති විරෝධී මත්පැන් වටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම සැකකරු අද දිනයේද පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකදී සැකකරු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව ඇත.
අවුරුදු 56ක් වන ලොකුගේ ධර්මසිරි නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
