රතන හිමි තවමත් උපවාසයේ
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිති.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණියේය. මේ අතර ජාතික සංඝ සම්මේලනය ඉල්ලා සිටින්නේ රතන හිමියන්ට සහාය පළ කරමින් ජනතාවට හා අනෙකුත් භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ සමග එක්වන ලෙසයි.

popular news
-
ranjith Saturday, 01 June 2019 02:14 PM
මුන් වහන්සේ ට දුක් දීමේ පාපය මේ නිවට පාලකයන්ට පලදෙවී
Reply : 0 0
Kumar Saturday, 01 June 2019 07:22 PM
දේශපාලන හේතුන් මත උපවාසය කරන එක ගැනෙන්නෙ සත්‍යක් ක්‍රියාවක් හැටියටද?
Reply : 0 0
Bandula. Sunday, 02 June 2019 09:25 AM
අනේ මන්ද අපේ රටට වෙලා තියෙන දෙයක්? යහපතක් පෙනෙන තෙක් මානෙක නැහැනේ. ආගම දහමක් ගැන වත් කිසිම තැකීමක් පාලකයන් ගේත් නැහැ වහේ පෙනෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

