පූජිතගෙන් ජනපතිට චෝදනා
පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර තිබේ.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පිටු 20කින් සමන්විත බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අතර සන්නිවේදනය බිඳ වැටී ඇති බවත් පෙත්සමේ සඳහන් කරුනු උපුටා දක්වමින් ඒ.එෆ්.පී. පුවත්සේවය සඳහන් කරයි.
ඉස්ලාම් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් තමන් කරගෙන ගිය පරීක්ෂණ නවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවය තමන්ට අණකළ බවද ඔහු සිය පෙත්සමෙන් දන්වා තිබේ.

එසේම රාජ්‍ය බුද්ධි සේවාව ලැබී තිබුණ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය බරපතල ලෙස අවධානය යොමුකර නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.
ඒ.එෆ්.පී. ඇසුරෙනි
popular news
-
sg Sunday, 02 June 2019 10:25 PM
මෙයා හොද කෙනෙක් නොවී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

