නිරත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත ව ඇති බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කල බන්දුල ප්‍රසන්ත යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
Read Moreමේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම් හෙට(23දා) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreමධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ ( අදියර 03) වැඩ නතරකොට තිබු මාස 15ක කාලය තුලදි කාර්යමණ්ඩලය සදහා කාර්යාල දිමනා වශයෙන් රුපියල් මිලියන 21ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
Read More2025 වර්ෂයේ ගතවූ මාස 5ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read Moreපාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 31 කට අධික මුදලක් ප්‍රහාරයේ වින්දිතයන් 661 දෙනෙකු සඳහා මේ වන විට වන්දි වශයෙන් ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21දා) දැනුම් දුන්නේය.
Read Moreපොසොන් සතිය ජුනි 07 වැනි දා සිට ජුනි 13 වැනි දා දක්වා අනුරාධ පුරයේදී පැවැත්වෙන අතර එම කාල සීමාවෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreනව විගණකාධීපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යොමු කළ නම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපයේ,කොලොම්බස් හිදී පැවති, 2025ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු තරඟාවලියේ (International Science and Engineering Fair-ISEF)දී ගෞරව සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ විශිෂ්ට තරුණ පර්යේෂකයන් තිදෙනෙකු සමත් වී ඇත.
Read Moreවැලිකන්ද පොලිස් වසමේ අංක 272 සඳුන්පිටිය ගම්මානය භාරව සිටි මහවැලි බී කලාපයට අයත් එකක කළමණාකරු අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණි
Read Moreව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳ සැල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක්ආ රම්භ කොට තිබේ.
Read Moreඒ අනුව ලියාපදිංචි නොකළ සහ කෙටි දුරක් හෝ ධාවන කළ වාහන (used vehicle) සඳහා අය කරන බදු වල වෙනසක් පවතින බව රජයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැන්වුහ.
Read Moreඅල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත්, ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
Read More2025.05.20 වන දින සවස් කාලයේ වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත වෙලම්බොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreලංකාවේ දෙවැනියට අපරාධ සිදුවන පළාත බවට දකුණු පළාත පත්ව ඇති බැවින් මෙකි අපරාධ වලට හේතුවන කරුණු සොයා බැලිම සදහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
Read Moreසේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු අද දින සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කරමින් ගල් නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට සහ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බවට සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිට නියෝග.
Read Moreවෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) කළමනාකරණ මණ්ඩලයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද අතර, ඉන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපතිවරයා ලෙස පත් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා ලබාදීමට කටයුතු කරන ලදි.
Read Moreවත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.
Read Moreඅම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර් ජිප් රථයක් 20 වෙනිදා රාත්‍රී 10.30 ට පමණ මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුලත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය.
Read Moreනියමිත කාලය තුළ නිලවරණ නොපැවැත්වීම හේතුවෙන් දකුණු පළාතේ විවිධ සේවා සමුපකාර සමිති 09ක පාලන බලය සමුපකාර කොමසාරිස්වරයා යටතට පවරා ගෙන ඇති බැව් දකුණු පළාත් වැඩබලන සමුපකාර කොමසාරිස් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.
Read More1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති .
Read Moreරට දියුණු කිරීම සඳහා පක්ෂ එකතු වීම යහපත් වුවද ආණ්ඩුවෙන් කකුලෙන් ඇදීමට එකතු වෙනවා නම් එය වැරදි බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී අද (20දා) දහවල් ප්‍රකාශ කර සිටියේය.
Read Moreපාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ට මල්වතු මහා විහාර පාර්ශවය විසින් පරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් මහානායක හිමියන් විසින් පියවර ගෙන තිබේ.
Read Moreරෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කොට නැහැ විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නැහැ. රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට. මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බව අනාවරණය වේ.
Read Moreවිද්‍යුත් වාහන වෙනුවෙන් අයකරන බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 30ක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.
Read More