මෙරට ප්‍රදර්ශනය සදහා රැගෙන විත් තිබූ " දෙව්නි මෝරි " සර්වඥ ධාතූන් වහන්සේලා , 02/11 දින උදෑසන ආපසු ඉන්දියාව බලා රැගෙන ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට රැගෙන ආ ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 130 වර්ගයේ විශේෂ ගුවන් යානය 02/11 දින උදෑසන 11.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ආපසු රැගෙන යාමේ අවස්ථාවට සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .