2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක් පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමරිකාව සමග ඇති කරගත් එකඟතාව කුමක්ද යන්න වහාම රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට අවධාරණය කර සිටී.
Read Moreශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreසිව් දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුලු දූත පිරිස අද (06) දිවයිනට පැමිණි අතර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම දූත පිරිස පිළිගෙන තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreනිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් 5 දෙනෙකු පස් කන්දකට යට වෙයි. මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනද්ක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවන් (06) දින සමත් වී ඇත.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreතෙල් සංස්ථාවේ පිරිසක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයෙන් උද්ඝෝෂණයකට පහරදීමට නොගිය බවත්, ඔවුන් කොලොන්නාවේ සිට සාකච්ඡාවකට දෙමටගොඩට යෑම පහරදීමකට යෑමක් ලෙස දයාසිරි මන්ත්‍රීවරයා හුවා දැක්වූ බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැසීය.
Read Moreගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreරාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreතෙල් සංස්ථාවට අයත් බස් රථයක 50 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහරගම අද(06දා) පැවැත්වෙන උද්ඝෝෂණයට පහරදීමට යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය
Read Moreමෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කර ගනිමින් ’’ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025’’, ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ ධිවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දා නිල වශයෙන් ආරම්භ වු අතර, එය ලබන අගෝස්තු 20 වන දින දක්වා පැවැත්වේ.
Read Moreරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අරවින්ද සෙනරත් මහතා පැවසීය.
Read Moreරෝහල් පද්ධතිය තුල වෛද්‍ය හිඟය, වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම්, ස්ථාන මාරු නිසි පරිදි කලමණාකරනයට අසමත් වීම සහ ඖෂධ අර්බූදය කළමණාකරකණයට අසමත් වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් වැසීයාමේ අනතුරක. පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(06දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත බදුලුගම්මන සුමනසාර හිමියන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා සංඝ සභාවේ සම්මතයෙන් සිදුකොට තිබේ.
Read Moreසෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි රන්දෝලි පෙරහර අද (06දා) වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රිවරැන් සඳහා වන සමූහ රක්ෂාවරණය රුපියල් මිලියනයක සීමාවේ සිට රුපියල් 250000 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023/05/15 දින පැවැති අමාත්‍ය මණ්ඩ රැස්විමේදි අනුමැතිය දි තිබේ.
Read More1 වසරට ළමුන් ඇතුලත් කිරීමේදී වසර 05ට පෙර 360,000ක් පැවති සංඛ්‍යා වර්තමානෙය් වන 298,000ක් දක්වා අඩුවෙලා, මේක භයානක අඩුවීමක් - පා.ම.රවී කරුණානායක උපත් සංඛ්‍යාව අඩු වීම ඊට ප්‍රධාන වශයෙන් බලපාලා, 2030 වන විට පුරෝකතනය අනුව මෙම සංඛ්‍යාව 196,209ක් විය හැකියි - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න
Read Moreනිසි මිලක් නොමැතිකම හේතුවෙන් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව සිටි මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටක්කා ගොවීන්ගේ එම අස්වැන්න අතර මැදියන්ගෙන් තොරව, සෘජුවම සාධාරණ මිලකට මිලදී ගැනීමේ වැඩ සටහනක් අද (5දා) කාගිල්ස් ආයතනය මගින් මහවිලච්චියේදී සිදු කෙරිණි.
Read Moreමාවනැල්ල නගරයේ නිවසක පිටු පස වළලා තිබූ බිලිු මල සිරුරක් අද (5) ගොඩගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. මහනුවර දංගොල්ල ප්‍රදේශයේ අයෙකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
Read Moreරු.10000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
Read Moreඅල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (05) දැනුම් දුන්නාය.
Read Moreරුපියල් මිලියන 425 ක් පමණ වැය කර “Clean Sri Lanka ” වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඅද (06) සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
Read Moreගන්දර කපුගම ප්‍රදේශයේ නිවසක සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට පැමිණි සැකකරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් පින්තාරුකරුවෙකු ඊයේ (04) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.
Read Moreහිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත්තේ කොටිකොටි නායකයෙකු ලබා දුන් බොරු සාක්ෂි මත යන්න බව පැහැදිලිවම තහවුරු ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසිය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read More