ඔර්නබ් සුළි කුණාටුවේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවත් අද දිනයේදිද නිරිත දිග ප්ර දේශයේ පවතින වැසි
තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල හා ම නුවර හා නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.