උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,වයඹ හා ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇතිවේ.
හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.
Read Moreනාල්ල පොලිස් අසමට අයත් තලහේන වත්ත ප්‍රදේශයේදී අද 25 අලුයම සොරකම් කරන ලද ගවයන් 05 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමේදී ලොරි රථයේ රියදුරු තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව නාල්ල පොලිසිය කියයි.
Read Moreකතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreදිවයින පුරා රජයේ රෝහල්වල හෙට (26දා) පෙරවරු 8 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
Read Moreඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදු වූ නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅම්පාර, දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබේ.
Read More2024 වසරට සාපේක්ෂව 2025 වසරේ හක්ගල ජාතික උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් විසි ලක්ෂ විසි නව දහස් එක සිය අසු තුනකින් (20,29,183) පහත බැස තිබේ.2025 වසරේ හක්ගල උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් දහ අට කෝටි අසු හතර ලක්ෂ හැත්තෑ අට දහස් නවසිය එකක් (18,84,78,901) බවත්, 2024 වසරේදී උද්‍යානයේ වාර්ෂික ආදායම ලෙස රුපියල් දහනව කෝටි පන්ලක්ෂ අටදහස් අසු හතර දහසක (19,05,08,084) මුදලක් ලැබී ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 01/24 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
Read Moreරුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනකු 01/25 දින අලුයම , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 01/25 දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.
Read Moreපුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සමත මණ්ඩලයේදී විභාගවූ පැණිල්ලක් සමතකරණය කිරීමේදී ඇතිකර ගත් එකඟතාවයට අනුව විත්ති පාර්ශවය විසින් තමන්ට ගෙවිය යුතු රුපියල් පනස් දහසක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි කියමින් පුද්ගලයෙක් අද (24) පෙරවරුවේ සාලියවැව අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරස්ථානය පරිශ්‍රයේ පිහිටි දිවුල් ගසකට නැග විරෝධාවයක නිරත විය.
Read Moreපෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ලඟා වෙමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreඇඹිලිපිටිය හා මහනුවර තියුණු ආයුධවලින් පහරදී ඝාතන දෙකක්
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. නිශාන්ත ද සොයිසා මහතා පවසයි.
Read Moreමේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොයම් කහවීමේ තත්ත්වයක් වාර්තා වන අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් වටපණු හානිය සහ පෝෂණ ඌනතා බලපා ඇති බව නාච්චාදූව කෘෂිකර්ම උපදේශක කාර්යාලය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් වගාවන් දුඹුරු පුල්ලි දිලීර රෝගයට පාත්‍රවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද නිරීක්ෂණය වී ඇත.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදල වෙත ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreදිත්වා නිසා ආපදාවට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ් ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලබාදෙන සහන ඳපිළිබව නව චක්‍ර ලේඛයක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreනීතිපතිවරයාගේ පමණක් නොව රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (23) අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් හා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකද වූ අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට සැකකාර අනූෂ පැල්පිට මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
Read Moreසමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර කණන්විල සහ හීනටියන්ගල දී. මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ලබන 24 දින දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරේ.
Read Moreහිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගත්තේය. රුපියල් කෝට් 4කට අධික අයථා වත්කම් ඉප වූයේ යැයි කියන චෝදනාවකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අනූෂ පැල්පිට මහතා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read MoreE- ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සදහා 2024 වර්ෂය තුල රුපියල් මිලියන 1,150ක මුදලක් වෙන්කර තිබුණද එම මුදලින් ව්‍යාපෘතියේ අරමුණු සදහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 117ක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreමෙරට රබර් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි කිලෝග්‍රැම් මිලියන 61.5ක දක්වා සියයට 4.9කින් පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreරජයේ වෛද්‍ය නිළධාන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන (23) දින ආරම්භ කල සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
Read Moreවසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.
Read Moreඅද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකර්මාන්තපුර 09ක් සංවර්ධනය කිරිම සදහා රජය විසින් රුපියල් මිලියන 1542ක මුදලක් වැයකොට තිබුණද 2024 වර්ෂය අවසන් වනවිටත් එවායේ කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.
Read More