බ්රසීල ජනාධිපතිවරණයේ දෙවන වටය ජය ගැනිමට වත්මන් ජනපති ලූලාද සිල්වා සමත්විය. ඒ් අනුව ඔහු බ්රසීලයට සිවුවැනි අවස්ථාවටත් නායකත්වය ලබාදීමට නියමිතය.
ඡන්ද පෙට්ටිවලින් 98.87% ක් ගණන් කර ඇති විට, බ්රසීලයේ මැතිවරණ අධිකරණය (TSE) ලූලා ගණිතමය වශයෙන් තේරී පත් වූ බව ප්රකාශ කළේය. වත්මන් ජනාධිපතිවරයා ප්රතිවාදි අපේක්ෂක බොල්සොනාරෝගේ 48.21% ට එරෙහිව ඡන්දවලින් 51.79% ක් ලබා ගත් අතර එය 2022 දී ෆ්ලාවියෝගේ පියා වන හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව ඔහු ලැබූ ජයග්රහණයට වඩා පුළුල් පරතරයකි.
බ්රසීලය ප්රජාතන්ත්රවාදයට නැවත පැමිණීමෙන් පසු පළමු වටයෙන් පරාජයට පත් අපේක්ෂකයෙකු ප්රතිඵලය පෙරළා දෙවැනි අවස්ථාවේදී ජනාධිපති ධුරය දිනා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙය වෙයි.
බ්රසීල ඉතිහාසයේ ජනපතිවරණයක් සිව්වන වරටත් ජයග්රහණය කළ පළමු ජනාධිපතිවරයා බවට ලූලා පත්වන අතර 2030 දක්වා ධුරයේ රැඳී සිටිනු ඇත.