saravita-anim2

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා

Latest News - timelapse 150 hours ago

LATEST

කුකුළෙකු අල්ලා ගත්තා යැයි කිපී පැටවුන් හතර දෙනෙකු සිටින බැල්ලියකට වෙඩි තබා මරා දමලා

calendar_today 2025 අගෝ 05 - 11:41 remove_red_eye - 426  

බඩල්කුඹුර පොලිස් වසමට අයත් මාලිගාතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු තම කුකුළෙකු බැල්ලියක විසින් රැගෙන ගොස් මරා දැමීම නිසා කෝපවී බැල්ලියකට (03) වෙනිදා කැප්ප තුවක්කුවකින් වෙඩි තබා මරා දමා ඇත.

මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට 750,000 දක්වා ඉහළට -ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට 200,000 දක්වා ඉහළ නංවයි - ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා විශේෂ අනුමතියක් අවශ්‍ය වේ.

Read More

සිනි කර්මාන්තශලාවල ඇති වි තිබෙන අර්බුදය විසදිමට නම් දුඹූරු සිනි මත යොදා තිබෙන සියයට දහ අටේ (18) වැට් බද්ද කඩිනමින් ඉවත් කළ යුතු බව ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි

Read More

මාස 11 තුළදී ෆාම් ඔයිල් කිලෝවක මිල දෙගුණයකට වැඩි මුදලකින් ඉහළ යාම නිසා ආහාර සකස් කරන පිරිස් දැඩි දුෂ්‍කරතාවන්ට පත්ව සිටින බවසමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.

Read More

කණ්ඩලමේ විව් එක නැති කරන්න දෙන්නේ’/ නෑ හිමි නමක් වැව රැකගන්න මේක කරන්නේ / ඉංජිනේරු

Read More

අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියළු ජනතාවට හිතකර පරිසරයක් සැලසීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ඊයේ (3දා) ආරම්භ කෙරිණි.

Read More

අද වන විට ඇත්තේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් මිනිසුන් විසින් වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීම් සිදුකරන විට අලි ඇතුන් ඇතුළු වන සතුන්ට මිනිස්සුන්ගේ වාසභූමි කරා පැමිණීමට සිදුව තිබෙන බව අධිවාසිනායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන ලක්ෂ 477 ක් මාසිකව පැලවත්තේ කාර්යාලයේ ගීණුමට බැර වන බවත් එය වාර්ෂිකව ලක්ෂ 5727 ක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

Read More

කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටියි.

Read More

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

Read More

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 04 වැනිදා ) නියම කළාය.

Read More

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනුම් දීමෙන් අසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුනතුරුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) ආරම්භ කළේය.

Read More

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙලක්ෂ දහනම දාහක්. රුපියල් ට්‍රිලියන 2.9 ක්.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.

Read More

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04දා) තීන්දු කළේය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසවන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය සඳහා වන තරගය අද (04දා) පැවැත්වේ.

Read More

මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.

Read More

යේමනයේ සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුදග්ලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

බිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.

Read More

පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට, මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරයි.

Read More

දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

මේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More

විදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.