අධ්යාපන පොදු සහතික පත්ර සාමන්ය පෙළ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්යස්ථාන වෙත ළඟාවීමට අපහසුවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ දරුවන් කලබල වියයුතු නැති බවත් ඔවුන්ට ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ මධ්යස්ථානයේදී නැවත ගොස් අමතර ප්රායෝගික පරීක්ෂණ සඳහා දිනයක් ලබාගැනීමට හැකියාව පවතින බවය.