2026 ලොව හොඳම පාපන්දු ක්රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට එංගලන්ත නායක හැරි කේන් සමත්විය. ලන්ඩනයේ පැවැති උත්සවයකදී හැරී කේන් මෙම සම්මානය දිනාගත්තේ වසර 25කට පසුව එම සම්මානය හිමිකරගත් පළමු ඉංග්රීසි ක්රීඩකයාට බවට පත්වෙමිනි.
2001 වසරේදී මයිකල් ඕවන්ගෙ අවසන් වරට ඉංග්රීසි ක්රීඩකයෙක් ලෙස 'බැලොන් ඩෝර්' සම්මානය හිමකර ගෙන තිබුණි. බේයර්න් මියුනික් කණ්ඩායම නියෝජනය කරන 33 හැවිරිදි කේන් සමස්තයක් ලෙස මෙම දිනාගත් පස්වන ඉංග්රීසි ජාතිකයාද වෙයි.
මීට පෙර ස්ටැන්ලි මැතිව්ස් (1956), බොබී චාල්ටන් (1966) සහ කෙවින් කීගන් (1978 සහ 1979) යන ක්රීඩකයින් එය දිනාගෙන තිබුණි.
එක්සත් රාජධානියට අයත් රටවලින් මෙම සම්මානය දිනාගත් අනෙක් ක්රීඩකයින් වන්නේ ස්කොට්ලන්තයේ ඩෙනිස් ලෝ (1964) සහ උතුරු අයර්ලන්තයේ ජෝර්ජ් බෙස්ට් (1968) ය.
රියල් මැඩ්රිඩ් සහ ප්රංශ කණ්ඩායම නියෝජනය කරන ප්රහාරක ක්රීඩක කිලියන් එම්බාපේ දෙවන ස්ථානයට පත් වූ අතර, බාර්සිලෝනා සහ ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කරන ලමින් යමාල් තෙවන ස්ථානය හිමිකර ගත්තේය.
