ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට (27) වන විට රට පුරා බෙදා හැරීමට පියවර ගනිමින් ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම කියයි. ලිට්රෝ ගෑස්වලට වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින්, ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් නෞකාවට සහ අද(26) පැමිණීමට නියමිත නෞකාවට අමතරව, GOODWILL නෞකාව ද මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන ඉකුත් ඔක්තෝබර් 24 වැනිදා මෙරටට ළඟා වූ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි