සංචාරක පිරිසක් සමග ගිය සංචාරක මග පෙන්වන්නෙකුට අද(26) කන්දෙවිහාරයේ හස්තියා පහරදී මිය ගිය බව අලුත්ගම පොලීසිය කියයි. හස්තියා පහරදීමෙන් මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල පදිංචි ජයලත් ද සිල්වා නමැති 34 හැවිරිදි අයෙකි.
හස්තියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සංචාරක මග පෙන්වන්නා බලපීටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවද පොලීසිය කියයි. අලුත්ගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.