සියලුම ආයතන රජය මගින් පවත්වාගෙන යා යුතු නොමැති බවත් වැඩි ආදායමක් පෞද්ගලික අංශය හා සම්බන්ධ වීමෙන් එනවානම් ඒ පිළිබඳව සලකා බැලිය යුතු බවත් කැබිනට් ප්රකාශක අමාත්යනලින්ද ජයතිස්ස මහතා පැවසීය.අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
"සියලුම ආයතන රජය මගින් පවත්වාගෙන යා යුතුයි කියලා එකක් නෑ. අපිට ආර්ථික වශයෙන් වඩා ඵලදායි රාජ්ය විසින් පවත්වාගෙන යන එකද?, රාජ්ය සතුව පවත්වාගෙන එහි කළමණාකරණය පුද්ගලික අංශයට දෙන එකද? නැන්තම් රාජ්ය පෞද්ගලික හවුල්කාරිත්වයට යන එකද?ගැන තීරණය කරන්න ඕන. සියලුම දේවල් රජය විසින් පවත්වාගෙන යා යුතුයි කියලා එකක් නෑ. අවසාන වශයෙන් රජයට බදු ආදායම එකතු කිරීම තමයි බලාපොරොත්තුව. රජය කරගෙන ගිහින් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් පෞද්ගලික ආයතන එක්ක කරගෙන ගිහින්
එනවනම් ඒ ගැන හිතන්න වෙනවා"